18 October, 2017

තුන්වෙනි පංතියේ කාලකන්නින්ට බොහීමියන්ලා වෙන්න බෑ මල්ලි - My View Of Bohemianism

බොහීමියානු ජීවිත ගැන චින්තන ධර්මධදාස ලියපු හොද ලිපියක් කියවන්න ලැබුනා. ඇත්තම කිවුවොත් මේක චින්තන ධර්මදාස විසින් සිංහලට පරිවර්ථනය කරපු එකක්. නව බොහිමියානු ජීවන රටාව ගැන ජෙෆ් කැම්පෙනා ලියපු ආටිකල් එකක්. නැත්නම් මේ ඩිජිටල් යුගයේ ඉන්න අලුත් බොහිමියානුවන් ගැන ලියවුන එකක්.

සිංහලෙන් අපිට බොහිමියානු උපසංස්කෘතිය ගැන ලියැවුන ලිපි කියවන්න ඇත්තෙම නැති තරම්. කලාව රසවින්දනය ජිවිතය කරගත්තු නිදහසත් සරල බවත් පදනම වුන සුන්දර ජීවන රටාවක් .නැත්තම් අපිට පුරුදු විදිහට කොන්ඩෙ රැවුල වවාගත්ත ගිටාර් එක අතට ගත්ත බිම වින්දනයක් කරගත්ත නිදහස් සිතුවිලි තියෙන මනුස්සයෙක්. හැබැයි ජෙෆ් කැම්පෙනා ගේ ලියවිල්ල බැලුවට පස්සේ බොහිමියානු ජිවිතයක් ගත කරන්න ඔය විදිහටම ඉන්න ඕන නැ කියල තේරුම් ගියා.

ඉතින් මම බොහිමියානුවෙක් නෙවෙයිද? පහු ගිය කාලේ ස්වර්නවාහියේ විකාශය වුන බොහිමියානුවා ටෙලි නාට්‍ය මට අායේ ඩවුන්ලෝඩ් කරගෙන බලන්න හිතුනේ මේ උපසංස්කාතිය ගැන හොයන්න හා ඒ අනුව ජිවත්වෙන්න තිබුන උවමනාව හින්දමයි. ඒකෙන් මම තව දෙයක් තේරුම්ගත්තා ඒ ලංකාවේ තවමත් හොද ටෙලි නිර්මාන බිහිවෙනව කියල.

මේ ටෙලිනාට්‍යයේ එක තැනක විකල්ප අදහස් දරන බුවා සහ කල්ප ඉන්න කාමරේට රිංගන දාර්ශනික ටෝක් දෙන චොප්රා අයියා ඇඩෙන ටෝක් එකක් දෙනව. 

'' මල්ලිලා උඹල මොනාද දන්නෙ,උඹල  වගේ තුන්වෙනි පංතියේ කාලකන්නින්ට බොහිමියන්ල වෙන්න බෑ බං..කලාව සාහිත්‍ය රසවිදින්න මිනිස්සුන්ට විවේකයක් තියෙන්න ඔිනේ ... මේ කොල්ලකාරි ආර්ථිකය ඇතුලේ මිනිස්සුන්ට කොහෙන්ද බං විවේකයක්....මේ රටේ විවේකයක් තියෙන හැම  එකාම අනුන්ගෙන් කාල ඉන්න එවුන්'' එ ටෝක් එකට බුවාට විතරක් නෙවේ මටත් ඇඩුනා.... 

මෙතැනදි ජෙෆ් කැම්පෙනාගේ බොහිමියානු කියැවීම වැදගත් වෙනවා. මට හිතුන විදිහට කැම්පෙනාෙගේ බොහිමියානු අර්ථදැක්විම හරිම වානිජකරනය වුන එකක්. ඒ කියන්නෙ මේ නව බොහිමියානුව මුදලට තමන්ගේ නිර්මාන විකුනන බිස්නස් කාරයෙක් මිසක් කලාව අගයන්නෙක් හෝ ස්වාදින චින්තකයෙක්වත් නෙවෙි හැබැයි අද යුගයට ගැලපෙන කෙනෙක්. ඒත් මම කියන බොහිමියානුවා මේ කියන නුතන ලක්ශනත් එක්ක හදවතින් දියනුවුන කෙනෙක්..

මටත් ඔින වුනේ මම අහල තිබුන විදිහේ බොහිමියානු ජිවිතයක් ගත කරන්න. එත් මේ සමාජය ඇතුලේ මට ඒක වෙනම ජිවන රටාවක් නැත්තම් Lifestyle එකක් විදිහට පවත්වගෙන යන්න අපහසු බව තේරුම් ගියා. මෙි පැරනි බොහිමියානු සංකල්පය දශක විස්සකටත් වඩා පරන එකක් .ඉතින් ඇත්තටම මේ ඩිජිටල් යුගයේ අර කියපු බොහිමියානු උපසංස්කාතිය තුල ජිවත් වෙන එක හරිම දුශ්කරයි .

මම ගේන තර්කය තමයි කෙනෙක් බොහිමියානුවෙක් වෙන්න ඔනේ හදවතින් සහ ක්‍රියාවෙන් මිසක් බාහිර පෙනුමෙන් නෙවේ. හැබැයි තමන්ට පුලුවන් වෙලාවට බොහිමියානු විලාසිතා කලාට කිසිම ගැටලුවක් නැ. මෙහෙම තමයි ඉන්න ඔිනේ එහෙම ඉන්න එක තමයි බොහිමියනිසම් කියල රාමුවක් තියාගෙන ඉන්න එකම වැරදි දෙයක්.කෝ එතැන නිදහස් චින්තනයක්. 

මම කියන්නේ කෙනෙක්ට නිදහස් චින්තනයක් තියෙනවම් කලාව ගැන දර්ශනය ගැන අදහසක් තියෙනවනම් චිත්‍ර හෝ සංගිත හෝ මොන යමි හෝ තමන්ට තියෙන හැකියාවකින් ස්ව-නිර්මානකරල සතුටු වෙන්න පුලුවන්නම් තමන්ගේ ජිවිතය හැකි තරම් සරලව පවත්වන්න පුලුවන් නිදහස අගයන විකල්න සංගිත රටාවන්ට විකල්ප මතවාදයන් ගැන අලුත් සංගිතය ගැන නැත්නම් Fine art ගැන අදහසක් තියේනම් ඒ හැම කෙනෙක්ම බොහිමියානුවෙක්. 

කියන එක කොටින්ම කිවුවොත් ප්‍රධාන ධාරාවෙන් පිට හිතන වින්දනය කරන නිර්මානයන් කරන සරල විදිහට සාර්තකව ජීවත්වෙන රැඩිකල් උන්මාදය වගේ පිස්සු වලින් වැහිච්ච නැති කලාව සහ සාහිත්‍ය රසවින්දනය කරන ඒවයේ නියැලෙන ස්වාදින මිනිහෙක්.  මේ වර්තමාන දියුන සමාජ ක්‍රමය ඇතුලේ සාමිප්‍රදායික බොහිමියානුව කියද්දි මතුවෙන චරිතය සහ චොප්රා අයියගේ රාමුවට කොටුවුන බොහිමියානු ජිිවිත තියෙන්නෙ පාරේ ඉන්න හිගන්නොන්ට විතරයි .මොකද ඒක භෞතික හැඩයක් බලල හදපු සංකල්පයක් මිසක් ඇත්තම ආධ්‍යාත්මික බොහිමියානුව එතැන නෑ.......



(Viraj weerakkodi)

No comments:

Post a Comment

ඔබෙ අදහස