15 October, 2017

Mobile photography හෙවත් ජංගම දුරකතන ජායාරෑපකරණය

ජංගම දුරකතනය මිට කාලෙකට කලින් තිබුන PDA නැතිනම් Personal digital Assistant කියන අතේ ගෙනියන් පුලුවන් පුංචි පරිඝනකය තත්වෙට පත්වෙලා ඉවරයි. ඇන්ඩිරොයිඩ් හරහා විසිරිලා තිබුන ජංගම දුරකථන  සමාගම් සහ සහය සේවා ( APPs) එකම තැනකට ගේන්න ඉඩ සැලැස්වුවා .මේ හින්දම විශාල පිබිදිමක් ඇතිවුනා .

අද වෙනකොට හැම කෙනෙක්ගේම අතේ ස්මාර්ටි ෆෝන් එකක් දැක ගන්න පුලුවන් මේවයේ තියෙන පහසුකම් වෙන වෙනම කියන්න අවශ්‍යතාවයක් නැහැ හැම කෙනෙක්ම දන්න නිසා. මේ අතර ස්මාර්ට් ෆෝන් එකේ කැමරාව කියන්නෙ අපි නිතරම භාවිත කරන ඔප්ශන් එකක් .

තමන් ගියපු තැනක හෝ හිටපු මොහොතක ලස්සන මතක සටහනක් තියාගන්න භාවිත කරපු ජංගම දුරකතන කැමරාවට විවිද ආකාරයේ පහසුකම් සහිතව ඒඑ සමාගම් විවිධ ස්මාට් ෆෝන් වර්ග නිශ්පාදනය කරනව. තමන්ගාව තියෙන ස්මාට් ෆෝන් එකෙන් තමන් හිතනවටත් වඩා හොද ෆොටෝ ගන්න පුලුවන් බව අපි දැනගත්තේ මෑතකදි.

ගොඩක් අය කැමරාව ඔන් කරල ඒ වෙලාවට තියෙන Default setting වලින් සාමාන්‍ය පිංතුරයක් ගන්නව ඇරෙන්න කැමරා ඇප් එකේ තියෙන සෙටින්ග්ස් මොවනද කියලවත් බලන්නේ නැ. සාමාන්‍යයෙන් 13Mpx වගේ තියෙන කැමරාවක ඇප් එකේ  Focusing(නාභිගත කිරිම)ISO,white balancing වගේ ඔප්ශන් කිහිපයක් හෝ ඊට වැඩියෙන් දකින්න පුලුවන්.

මේවා දිල තියෙන්නෙ ඒඒ පරිසර සහ ආලෝක තත්වයන්ට ගැලපෙන විදිහට සකස් කරගෙන ගන්න ෆොටෝ එක සුපිරියටම ගන්න අවශ්‍ය පහසුකම් විදිහට .

තමන් ගාව තියෙනවනම් 13mpx වගේ තියෙන සාමානය කැමරාවක් තියෙන ෆෝන් එකක (Huawei Y6 Pro වගේ )  ඉහත කියපු සෙටින්ග්ස් වෙනස් කරගෙන හොද තත්වයේ ඡායාරුපයක් ගන්න පුලුවන්. HTC  නැත්තම් Huawei GR-5 වගේ විශේෂයෙන් කැමරාව Develop කරල හදන ෆෝන් වල මෙයිට වඩා ඔප්ශන් තියෙනවා .

වැදගත්ම කාරනය තමා  තමන්ගෙ මොබයිල් එකේ තියෙන ඒඒ settings වෙනස්කරමින් ප්‍රායෝගිකවම හොද ෆොටෝ එකක ගන්න ට්‍රයිකරන එක. උදාහරනයක් විදිහට මම නිතරම White balancing කියන ඔප්ශන් එකේ තියෙන Cloudy කියන Sub option එක සිලෙක්ට් කරල තමයි ෆොටෝ ගන්නේ.

එතකොට හොද තද පාටට Colors  හැදෙනව ෆොටෝ එක ගන්නකොට Manual Focusing නැති හින්ද Auto focus වෙනක්ම් ටිකක් ඉවසල ඉන්නවා පිංතුරේ ගානට හැදෙනම් .මේ ටික හරියට කරන්න පුලුවන් නම් ඔයාලගේ මොබයිල් කැමරා එකෙන් ඔයාල  හිතනවටත් වඩා හොද පින්තුර ගන්න පුලුවන්. මිට අමතරව ගත්ත ෆොටෝ එක  Snapseed නැතිනන් Adobe photoshop lightroom වගේ ඇප් එකක හරහා තව දුරටත් හොදට හදල ගන්න පුලුවන්.

(පහල තියෙන්නේ ඒ වගේ මම මගේ සාමාන්‍ය Huawei Y6 Pro කැමරාවෙන් ගන්නා ලද ඡායාරුප කිහිපයක්)








No comments:

Post a Comment

ඔබෙ අදහස