19 October, 2017

නියුට්‍රෝන තාරකා දෙකක් එකිනෙක ගැටේ

අති දැවැත්න රත්තරන් සහ ඇල්කෙමික ද්‍රවයන් ප්‍රමානයක් නිකුත් කරමින් එකිනෙකට ඝට්ටනය වු තාරකා දෙකක් විද්‍යඥයින් විසින් නිරික්ශණය කර තිබෙනවා. මේ අධි ඝනත්වයකින් යුතු සුපිරි තාරකා දෙක ගැටි තිබෙන්නේ පෘතුවියෙන් ආලෝක වර්ශ මිලියන 130ක් එපිටිනුයි.

මේ පිපිරිමේන් ප්ලැටිනම් හා යුරේනියම්  වැනි බැර ලෝහ අධික ප්‍රමානයක් විශ්වයට මුදු හැර තිබෙනවා. විශේෂඤයින්ගේ අදහස වන්නේ මෙය තාරකාභෞතික විද්‍යාව තුල නව පෙරලියක් ඇති කර තිබෙන බවයි. එපමනක් නොව නියුට්‍රෝන තාරකා වල ආරමිභය පිලිබද විද්‍යඥයන් ඉදිරිපත්කල න්‍යායන් සම්පුර්නයෙන් තහවුරුවීමක් බවයි.

මේ දැවැන්ත පිපිරිමෙන් විශ්වයේ කාල අවකාශ පලස යමි කිසි කම්පනයකට පත්විමක් සිදුවි ඇති අතර ඉන් ඇතිවු ගුරුත්ව තරංග පෘතුවිය හරහාද ගොස් තිබේ. විද්‍යාඤයන් විසින් කිලෝනෝවා ලෙස හදුන්වන මෙම පිපිරිමෙන් නිකුත්වු  ආලෝක සහ විකිරන දුරදක්න වලින් සහ චන්ද්‍රිකා ඡායාරුප වලින් නිරික්ශයනය කර තිබේ. මෙය නියුට්‍රෝන තාරකා වල මෙන්ම විශ්වයේ ආරම්බය පිලිබදවද වැදගත් තෙරතුරු රැසක් අනාවරනය කරගත හැකි සිදුවිමක් ලෙස පැවසේ.

මීය පෙරද ආලෝක වර්ශ බිලියන ගනනක් දුරින් විශ්වයේ වෙනත් අන්ත වල සිදුවු කලු කුහර ඝට්ටන වල ගුරුත්ව තරංග විද්‍යඤයන් විසින් නිරික්ශණය කර තිබේන නමුත් මෙහි විශේෂත්වය වන්නේ මෙය ඉතා ආසන්න දුරකින් සිදුවීමත් නියුට්‍රෝන තාරකා ඝට්ටනය වීමක් නිසාත්ය. මේ අධිඝන තාරකා ඝට්ටනයෙන් පසු ඉතිරි වු ද්‍රවයන්ගේ තේ හැන්දක තරමි ප්‍රමානයක බර කිලෝග්‍රෑම්  බිලියන ගනනක් බව පැවසේ. 

මින් ඇතිවු කම්පන තරංග විශ්වය හරහා ආලෝකයේ වේගයන් ගමන් කර තිබේන අතර මෙය එක්සත් ජනපදයේ වොශින්ටන් වල අති ප්‍රබල ආනාවරකයකින් සහ Laser Interferometer Gravitational-Wave Observatory (Ligo). මගින් නිරික්ශනය කර ඇත. 

 විරාජ් වීරක්කොඩි
(www.independent.co.uk -ඇසුරෙනි)


No comments:

Post a Comment

ඔබෙ අදහස