17 October, 2017

ආත්මියත්වය සහ භෞතික ලෝකය පොත

පසු ගිය දිනෙක මා වාසය කරන ප්‍රන්තයේ තිබු ප්‍රධාන පොත් වෙලදසැල් කිහිපයනටම ගොඩවුනේ කලක් තිස්සේ මහත් බලාපොරෝතුවෙන් සිටි K.K සමන් කුමාරගේ Lolita පරිවර්තනය නිකුත් වු බව දැනගෙන තිබේ නම් මිලට ගැනිමට අදහසෙනි. කිහිප වතාවක් පොත් වෙලදසැල් පීරා බැලුමුත් මට එය සොයාගත නොහැකිිවිය..

පසුව මම එය අන්තර්ජාලය හරහා මිලට ගතිම්. සමන්ගේ ලොලීටා පරිවර්තන ගැන කීමට මට වෙනම කතාවක් තිබේ .එය මෙතනට සම්බන්ධවුයේ මා කියන්ට සිටින කතාවට පෙරවදනක් ගැනීමටයි .ලොලීටා පරිවර්තනය සොයමින් රාක්ක අතර සැරිසරනවිට මට ඉතා සරල පිටකවරයක් සහිත පිටු 150 කින් පමන සමන්විත කුඩා පොතක් හමුවිය .

මදක් පිටු අතර සැරිසැරෑ විට මෙය ඉතා වැදගත් පොතක් බව මට හැගී ගියෙන් මම එය දෙවරක් නොසිතා මිලට ගත්තේ දර්ශනවාදය සහ මානව විද්‍යාව වැනි විශයන් ගැන කීයවීමට මට තිබු ආශාව නිසායි. ඊටත්ත වඩා මෙහි පෙරවදන කොටසෙහි වු " මෙය ඔවුන් කියවුවොත් අපේ මේ පුංචි දුපතේ බොහෝදොනකු පය ගසා නොමැති මහද්විපයකට මා ඇතුලු වි ඇති බව ඔවුන් වටහා ගනු ඇත "යන ලිවීම මා එය කියැවිමට පෙලඹවිය .

මෙ කිසිවක් නොව නුතන බටහිර දර්ශන වාදයේ පියා ලෙස සැලකෙන රෙනේ ඩෙකාටස් ගේ Mediation නමි කාතියේ සංක්ශිප්ත පරිවර්තනකි .නැතහොත් එයට ප්‍රවේශයකි. ලාංකිය සමාජය තුල මෙවැනි කියැවීම් වලට තිබෙන ස්තානය ඉතා අඩු එකක් මෙන්ම ඒ සදහා ලැබෙන ඉඩ ප්‍රස්තාවද ඉතා අඩු එකකි ඒ අතින් මේ පොත ලියු වංගිස සුමනසේකර කතෘවරයාට ස්තුති කල යුතුය.

ඩෙකාට් ගේ සංකල්ප රැගත් මෙම පොත ලාංකිය බෞදධ සමාජය හොදින්ම ස්පර්ශ කල හැකි එකකි. මේ කාතිය පුරා ඩෙකාර්ට් ගොඩ නගන තර්කය වන්නේ "මම කවරෙක්ද ,මම සත්‍ය ලෙස පවතින්නෙක්ද යන්න'' දරුනු ලෙස අභියෝගයට ලක්කිරිමයි. පංචේන්ද්‍රියන් තුලින් අපි ලබා ගන්නා දත්ත දත්ත සැකයට භාජනය කිරීමකි නැතහොත් සමස්තයක් ලෙස ''මම''නම් වු සෙලවිය නොහැකි පවුර කම්පනයකට ලක්කිරීමකි.බෞද්ද අභිදර්මය සමග අත්වැල බැදගෙන බටහිරට ගමන් කල හැකි ප්‍රවාදයකි.

මෙම කුඩා පොත කියවාගෙන යන විට මගේ සිත්ගත් බොහෝ තැන් තිබේ ඒ අතින් කතෘවරයා විසින් සිහිනය හා යතාර්තය පටලැවිම අපුරුතැනකි

ලාංකිකයන් වශයෙන් අප තවමත්  අපේ ඒදිනෙදා කියැවීම් වලට මෙවැනි අභියෝගාත්මක ලිවීම් ලංකරගැනීමට අපොහොසත් වි තිබේ.

කොහොම උවත් ඔහු පොතේ පසුවදනනෙහි යොදා තිබු කෙටි සටහන් කොටසක් උපුටා දැක්වීමට කැමතිය.

"නමුත් සත්‍ය වශයෙන්ම ගත්කල සියවස් තුන හමාරකට පෙර ලියැවුන මේ ඉපැරනි ලියවිල්ල ජිවිතයේ කුඩා මොහොතක අවශ්‍යතාවය වෙනුවෙන් කපා කොටා සකස් කිරීම මෙහි අරමුන නොවිය ඒ වෙනුවට ඉතිහාස සෙලවු  සිතීමක නිමේශයක් අපගේ වර්ථමානයට යලි ගෙන ඒමට ගත් මහන්සියක් ඔබට මෙහිදී හමුවෙනු ඇත"



No comments:

Post a Comment

ඔබෙ අදහස