15 October, 2017

බැලලයිකාව ද ලයිකා බැල්ලද - Balalaika or bitch laica

ඉවාන් පවුලුශා ගීතය හැම කෙනක්ම අහල ඇති ''ඉවාන් පවුලුශා දිය වෙන්නට පෙර හෙට උදයේ හිම ජිවිතේ බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ.."

මේක අපේ ලමා කාලයේ ඉතාම ජනප්‍රිය ගිතයක් .ගීතය කොයිතරමි ලස්සන උනත් මට ප්‍රශ්නයක් තිබුන තැනක් තිබුන. ඒ තමයි බැලලයිකාව මම හිතන්නේ එක මොකක්ද කියල නොදන්න එක ගිතය අහපු ගොඩක් අයට තිබුන ප්‍රශ්ණයක් .

ඒ දවස්වල මම බැලලයිකාව ගැන ගොඩක් අයගෙන් ඇහුවත් මට හරි පිලිතුරක් ලැබුනේ නෑ.අද වගේ ඉන්ටර්නෙට් තිබුනෙත් නැති හොයාගන්න විදියක් තිබුනෙත් නැ. ඇත්තම කිවුවොත් මේ මෑතක් වෙනකම් මට උවමනාවක් වෙලා තිබුනේ නෑ ඒ ගැන හරියටම දැනගන්න.

මම හිතන් හිටපු එක තමා ලයිකා බැලලිය කියන එක ආදේශ කරල ගන්න ඇති කියන එක. ඒ කියන්නේ රුසියාවේන් පලවෙනියට අභ්‍යවකාශයට යවපු ලයිකා නම් බැල්ල උපමාවට අරගෙන කියනව වෙන්න ඇති කියල .මොකද " බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට'' කියලත් කියනවනේ.

කොයිතරම් ගොබ්බ සිතුවිල්ලක්ද ඒක......😕

පහුගිය දවසක මට ඔනෑ උනා කොකේසියානු සමිභවයක් තියෙන හිමවැටෙන රටවල් වල මිනිස්සු මිට සියවස් ගනනකට පෙර භාවිත කරපු සංගිත භාන්ඩ ගැන හොයන්න. මම ඉතා ආශාවෙන් වාදනය කරන ටින් විසිල් එක වගේ තවත් පැරණි සංගිත භාන්ඩ තවත් තියේද කියල දැන ගන්න ඔනේ නිසා මම ගුගල් වල මේ ගැන හොයන්න අදාල keywords ටික දැම්මට පස්සේ ගුගුල් මට අමතර යෝජනා කිහිපයක් පෙන්වුවා.

 මේ සෙවුම් ලැයිස්තුවේ Harp,lute,gitten වගේ පැරනි සංගිත බාන්ඩ නම් අතර Balalaika කියල එකකුත් තිබුනා මම හොයල බලද්දි තමා මට හරියටම මේක මොකක්ද කියල තේරුනේ.

එතකම් මේ  බැලලයිකාව කියන්නේ පුංචි ගිටාරයක් වගේ තත් තුනක් විතරක් තියෙන රුසියානු සාම්ප්‍රදායික සංගිත භාන්ඩයකට....... 




2 comments:

ඔබෙ අදහස