ගංජ ගර්ල් (Ganja Girl)

අහසට වැටුනා මම හීනෙන්           
පොලවටත් රිදුනා යන්තමි වගේ
වලාකුලුත් තිබුනා මා වට -කරකැවෙමින්
මීදුම පිරුණු හීතල සුලං - දගකරමින්
පාට පාට දේදුනු වියන්
නිල් දිය වැටෙන හීතල උයන්
පැනි බූන්දි එක්ක  මැලේ අචිචාරුත් අරන්
වරෙන් සුරංගනාවියේ තුරුලට
ගංජා මිටියක් අරන්
යු ආ සෝ නෝටි ගංජා ගර්ල්
යු ආ සෝ නෝටි
අපි දුවම සීයුස්ගේ කාමරේ මැදින්

මගේ අලුත් ඇදුම් එල්ලනය

ටික කලක්ම තිස්සේ මා  නිතර භාවිතා කරන ඇදුම් පහසුවෙන් ආපසු ගැනීමටත් මී කරදරය පවතින නිවසක ආරක්ශාකාරීව තැබීමටත් සුදුසු ක්‍රමයක් මම සොයමින් සිටියා.

පහසු විසදුමක් තිබුනත් ඇලුමිනියමි කබඩ් එකක් මගින් මගේ කුඩා කාමරය අහුරා දැමීමට මම කැමති වුනේ නැහැ .පසුව නිවසේ පැරණි අබලි දෑ දමා තිබු කාමරයෙන් කලකට පෙර ඇදුම් කඩයෙන් ඉවත්කල රෙදි එල්ලනයක් සොයා ගැනීමට හැකිවුනා .

පසුව පැයක පමන කාලයක ඇවෑමෙන් පසු ස්කුරුප්පු ඇන කිහිපයක් සහ වෝල්ක්ලිප් කිහිපයක් මගින් එය මගේ කාමරයේ බිත්තියට සවිකර ගෙන Hangers කිහිපයක් භාවිතයෙන් එහි රෙදි එල්ලිය හැකි ආකරයට සකස්කර ගත්තා.ඇතැම්විට මෙය පිස්සු අදහක් විය හැකි උනත් දැන් නම් එය මට ඉතා පහසුවක් ගෙන දෙන්නක්.


අපේ වහලේ උඩ එලවලු වැවීමේ කතාව

නාගරික ප්‍රදේශ වල ජිවත්වෙන අපිට අපට අවශ්‍ය බෝග වර්ග අපටම හදාගන්න පුලුවන් කියන එක කියන්න හොදම සාක්ශියක් ගැන කීමටයි මේ සුදානම. මම ජීවත්වන්නේ ඇත්තම කිවුවොත් කොලඹ වගේ දැඩි නොවන සුලු නාගරික ප්‍රදේශයකයි. ඒත් සාමාන්‍යයෙන් කොලඹ අවට නාගරික පැතිවල නිවෙස් මෙන්ම පර්චස් 8 වගේ ඉතා කුඩා බිමි කඩක් පුරාම පැතිරුනු අපේ නිවසේ මිදුලක් වත්තක් තියන්න තරමි ඉඩක් තිබුනේ නැ. අපේ ගෙදර ඉදන් දෙපැත්තේ තියෙන නිවාස දෙකට තියෙන පරතරය අඩි 6ක් විතරයි .ඉතින් ඔබට හිතාගත්ත හැකි නේද තරම .

මේ අදහස මුලින්ම ක්‍රියාත්මක කරේ අපේ අප්පචිචි .බොහෝම ඈත කාලෙක ඉදන් ව්‍යාපාරිකයෙක් විදිහට ඉන්න ගමන් එයා බොහෝම ආස වුනා ගොවිතැන් කටයුතු වලට.ඒ ඇත්තටම ඒයාගේ හිතේ සතුට වෙනුවෙන් දැනට අවුරුදු දෙකකට විතර කලින් දවසක් මට හොදට මතකයි වීල්බැරැක්කෙට පස් කපාගෙන ඇවිත් අපේ ගෙදර වහලේ Slab එක උඩ ගොඩ ගහල තිබුන. මේ පස්ගොඩ ටික දවසක් මෙහෙම තිබුන කියමුකෝ. ඒත් එක්කම කඩේ විකුනන්න බැරි මට්ටමේ තිබුන පරන ප්ලාස්ටික් බේසමි ප්ලාස්ටික් මල් පෝච්චි වතුර බූලි වගේ භාන්ඩ ඒකින් එක අඩුවෙනකොට තමයි වැඩේ තේරුනේ .ඒත් මේ අදහස මුලදි ක්‍රියාත්මක කරද්දි මට සැකයක් දැනුන මේක සාර්ථක වෙයිද කියන එක ගැන. මොකද රස්නේ කාලෙට කොන්ක්‍රිට් සැලැබි එක උඩ ගිනි ගහන අවුවු වැටෙනව. ඒ මදිවට ඒ සැර එහෙමිමම අපහු උඩට වදිනව.

අපි පරන ප්ලාස්ටික් බදුන්වලට පස් පුරවල පොහොර කලවමි කරල බිජ පැලකරා.දින සති මාස ගතවෙනකොට බලාගෙන ඉද්දි අප්පච්චිගේ හිතේ සතුට ඵල දැරුව .එදා පැලකරපු බීජ අදටත් අපිට නැවුමිම නැවුමි එලවලු සපයනව .මේ තරමි පුංචි ඉඩකඩක අපි මේ වෙනකොට බතල, බන්ඩක්ක, ගොටුකොල ,මිරිස් නෝකෝල් ,මාලුමිරිස්, ඉගුරු, වමිබටු, කරවිල, වැටකොලු, සහ තවත් එලවලු වර්ග වගා කරල තියෙනව. ඒ අලෙවියට නෙවේ .අපේම පරිභෝජනයට .ඉතාම අඩුවෙන් තමයි එලවලු වර්ග පොලෙන් අරන් එන්නේ.ඒත් අපිට ගෙදර හදාගන්න බැරිවුන දෙයක් තමයි. මේකෙ හොදම ප්‍රතිලාභය තමයි මුදලටත් වඩා රසායනික දව්‍ය භාවිතය ඉතාම අඩු එලවලු ටිකක් ලබාගන්න පුලුවන් වුන. එක අනිත් පැත්තෙන් මේ පුංචි ගෙවතු වගාවෙන් අප්පච්චි කොයිතරමි සතුටු වෙනවද කියන එක .මේ පහල තියෙන්නේ අපේ වහලේ උඩ වගාවේ පිංතූර ටිකක් තමා

ඇත්තමයි මට දැනුනා

ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආව
අාදරණිය සුවද
ගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්
මගේ මුහුනේ දැවටිලා සිහිල් කල
ඒ සීතල සුලගෙන් පවා මට දැනුනා

Lolita (ලොලීටා)

ලොලීටා (1997) චිත්‍රපටය මට බලන්න ලැබෙන්නේ මිට මාස 3 කට විතර කලින් ඇත්තටම වාසනාවකට සැබැවින්ම ආශ්චර්‍යමත් උත්කෘශ්ඨ නිර්මාණයක් කියල කියන එකේ කිසිම ගැටලුවක් නැ.කොහොමත් රුසියනු ලේ ඇති ලේඛකයෙක් වේ නමි අනිවර්යයෙන්ම ඔහු ජීවිතය පෙන්වන්නෙක් මෙන්ම සිහින මවන්නෙක්. පුංචි කාලේම ඉදන්ම කියවපු රුසියනු ළමා සාහිත්‍ය පරිවර්ථන මගේ ජීවිතය ඇත්තෙන්ම කිවුවොත් ළමාකාලය ආලෝකමත් කලා. රුසියනු ලේඛකයගේ පරිකල්පන ශක්තියෙන් බිහිවුනු නිර්මාණ සිංහල භාශාවට හැරවිලා ලියවුනු අකුරු වලින් විතරක් නෙවේ ඒ පොත්වල තිබුන චිත්‍රත් ඒ  කතාවම කියවෙන බද්ධ වු උත්කෘශ්ඨ නිර්මාන .Vladimir Nabokov රුසියානු ලේඛකය Lolita ලියන්නේ 1955 දි තාත්තා(සුලුපියා) සහ දුව ඇතර ඇතිවන ව්‍යාභිචාරාත්මක (Incest) සමිබන්ධතාවයක් පදනමි කරගෙනයි .ඇත්තටම Controversial වගේම හිත වෙිදනාවෙන් පුරවන කතාවක් කිවුවොත් හරි .මැදිවියේ උවත් කඩවසමි තමන්ගේ සුලුපියාට  ආදරය කරන 14 වැනි වියේ ලොලීටා.  හමිබර්ටි නැත්තමි ලොලිටගේ සුලුපියා අන්තිමේදි හිරකාරයක් විදිහට හිරගෙය ඇතුලෙදිම මිය යන්නේ ලොලීටා හින්දමයි. ඒ වගේම තමයි ඇගේ වයස අවුරුදු 17 තරමි වු කෙටි ජිවිත කාලය තුල ඇයට සැබවින්ම ආදරය කල ඒකම මිනිසාත් ඔහු පමණයි.  මේ ලොලීට නව කතාව වරක්  20 වැනි සියවසේ බිහිවුනු හොදම නව කතා පනහෙන් එකක් ලෙස Times සගරාව නමිකරා මේ නවකතාව පදනමි කරගෙන Adrian leen අධ්‍යක්ශණය කරපු ලොලීටා(1997) සිනමා පටය සමකාලීන නිර්මානයක් වුන ටයිටැනික් චිත්‍රපටය තරමටම ජනප්‍රිය නොවුනේ ඇයි කියන එක මට ටිකක් ගැටලුවක්. ජෙරමි අයන් හමිබර්ටි ලෙසත් ඩොමිනික් ස්වේන් ලොලීටා ලෙසත් මේ චිත්‍රපටය තුල රගපානව මේ චිත්‍රපටයේ සමහර දර්ශන සදහා පෙනීසිටින්න ඒ වෙනකොට ඩොමිනික් ස්වේන් වයස සමිපුර්ණ කරල නොතිබුන නිසා ආදේශක නිලියක් භාවිත කරලත් තියෙනව .ලොලීටා කියන නාමය චිත්‍රපටයටත්  වඩා පසු කාලීනව වෙලද නාමයක් විදිහට ජනප්‍රිය වුනා සිනමා විචාරකයෙන් හෝ එවැනි දේ ගැන ගැඹුරෙන් අධ්‍යයනය කරපු හෝ කෙනෙක් නොවුනත් චිත්‍රපට රසිකයෙන් හැටියට ඔය චිත්‍රපට දෙකම සංසන්දය කරද්දි ඇත්තටම මගේ හිතට ලොලීට තමයි වැඩියෙන්ම කාවැදුනේ .මම හිතනවා සමකාලින සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටයට වඩා ලොලීටා ගේ අගය අප්‍රමාණයි කියල. එත් එක්ක බලද්දි ටයිටැනික් චිත්‍රපටයේ කතාවක් නැතිතරමි .මේ මුලු කතාව ඇතුලේ මගේ හිතට වැඩියෙන්ම දැනුනු එක වදනක් තියෙනව හමිබර්ටි ලොලීටා ගැන හිතන. මට හිතුන මුලු ලොලීටා කතාවම ඒ තුල තියෙනව කියල

Plastic නැවත භාවිතය ගැන

මට මේ ජායාරූප පෙල  මගේ සුපුරුදු Stumbleupone වෙබි අඩවියේ සැරිසරන ගමන් අහමිබෙන් හමිබවුන ඒවා ටිකක් .ඉවත දාන දෙයින් අපි ටිකක් නිර්මාණශීලි විදිහට හිතුවනමි කොයිතරමි ලස්සන නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරන්න හොදම උදාහරණයක් මේක.

ප්ලාස්ටික් කියන්නේ අද වෙනකොට මේ නවීන ලෝකයට නැතිවම බැරි වගේම අනිත් පැත්තෙන් මුලු ලෝකයටම ගැටලුවක් වෙලා තියෙන නිශ්පාධනයක්. විද්වතුන්ගේ මතය අනුව නමි ප්ලාටික් භාවිතය අවම කර ගැනීමට තියෙන වඩාත් සාර්ථකම විදිහ තමයි ප්ලාස්ටික් ප්‍රතිචක්රීකරණය කිරීම. මේකෙන් විශේෂයෙන්ම ප්ලාස්ටික් භාන්ඩ උනුකරල නැවත ප්ලාස්ටික් නිශ්පාධයක් නැවත කරනවට වඩා තමන් සතුව දැනට තියෙන ප්ලාස්ටික් නිශ්පාධනය වෙනත් අරමුනක් සදහා නැවත භාවිත කිරීම වඩාත් පරිසර හිතකාමි අකාරය කියලයි කියන්නේ මොකද මේවා උනුකරන නැවත නිශ්පාධන කරනකොට පසට වෙන්න තිබිබ බලපෑම ඊලගට යන්නේ වායුගෝලයට.

ලෝකයේ වැඩියෙන්ම ප්ලාස්ටික් නිශ්පාධන භාවිත වෙන්නේ අමරිකාව රැසියාව චිනය වගේ දියුනු රටවල මේ නිශ්පාන අතරින් වැඩිම ගනනක් වෙනත් නිශ්පාධන වල ඇසුරුමි ලෙස එන ඒවා. Eco Watch වෙබි අඩවියේ සදහන් වන ආකාරයට අපි භාවිතාකරන ප්ලාස්ටික් වලින් 50% ප්‍රතිශතයක් අපි එක් වරක් භාවිතා කරල අහක දානව .ඇමරිකානුවන් වසරකට ප්ලාස්ටික් බෝතල් පමනක් බිලියන 35ක් විතර පරිසරයට මුදාහරිනව .ඒ වගේම වසරකට මුහුදු පක්ශීන් මිලියනයක් හා තවත් මුහුදු ජිවින් ලක්ශයක් පමන ප්ලාස්ටික් හින්ද මියයනව කියලත් හදහන් වෙනව.

 මේ ඉතාම සුලු සාධක කිහිපයෙන් අපට ඉදිරියෙදි එන මාරක ගැටලුව ගැන අවබෝධ කරගන්න පුලවන් කොහොම උනත් ප්ලාස්ටික් නැවත භාවිතගැන ගන්න පුලුවන් ලස්සනම උදාහරණයක් නිර්මාණශිල්පී Grath Bristman විසින් කරල තියෙනව එකතුකරගත්ත ප්ලාස්ටික් බෝතල් වලට වර්නගැන්වපු වතුර එකතුකරල නිර්මාණයකරපු සෙවන ස්ථානයක් තමයි. මේ තියෙන්නේ ප්ලාස්ටික් කතාව කොහොම උනත් නිර්මණශිලිත්වය ගැන හොද අදහසක්